Sunil Edirisinghe – Dukama Windinnata

දුකම විඳින්නට දුක උහුලන්නට
දුකින් උපන් දරුවෝ
දුකට වරම් ලද මිහිමවගේ දරුවෝ
(මිහිතලයේ දෙවියෝ)


උණු දිය කහටින් දෙතොල තෙමා
රළු කළු ගල් වැලි සිරස දරා
සෙවණක් නැතිවද රටට සෙවණ දී
පලංචියේ වඩිනා
(මිහිතලයේ දෙවියෝ)


හුණු වැලි ගින්නේ පැළුණු දෙපා
මලින් ගඳින් පුදදී බැති පා
පින් ලැබ ගන්නට සැදෙව් පෙලින් පෙල
අප රකිනා දෙවියෝ
(හිණිපාමුල වැඩියෝ)


ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ



Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 2 =