Somathilaka Jayamaha – Podi Duwage

පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්‍රිය බිරිඳගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි


කටු මැටි ගෑ බිත්ති පුරා
පළිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරුණු ව‍‍ගේ


ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම්නැති සුවය දැනේ


ගායනය : සෝමතිලක ජයමහ
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : රෝහණ වීරසිංහ



Click to rate this post!
[Total: 1 Average: 5]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 5 =