දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක
සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ළං වූ සිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි
සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ සිතිජයක් විය
කී කතාවේ අරුත වැටහිණ
අහස සමුදුර එකතු වී යැයි
ගායනය: වික්ටර් රත්නායක
පද රචනය: කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය: වික්ටර් රත්නායක


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply