Karunarathna Diulgane – Rosa Thol

රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි
ඔබ ආදරෙයි කියා දුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි


පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
එක්ව කී කතා දෙසවන දෝංකර දෙයි
ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උනුසුමයි
ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමයයි


අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
සොඳුර නුඹ ලඟින් නැතිවත් සිතට උනුසුමයි
කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි
සිනාසෙමි නමුත් මේ දුක් කඳුලු මගෙ නොවෙයි


ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය: යමුනා මාලනී පෙරේරා
සංගීතය: ගුණදාස කපුගේ



Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 3 =