මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳී
ආදර විජිණීපතින් කවුදෝ සිහිල් පවන් සලනා
කියාගන්න බැරි නුහුරු හැඟුම්
ඔබෙ නුවන් පුරා ඇඳෙනා
ඔච්චම්කර මල් කුමර කුමරියෝ
අප වටකර හිනැහෙන්නා
කිඳූරැ කොදෙව්වේ මුතුපායේ
හැංගෙමු අපි දෙන්නා
රත්තරනින් සැදි කේතකි මංපෙත්
අත්වැල් බැඳ යමු රත්තරනේ
පිච්ච මලින් පිරි ලෝකය අපටයි
ස්වප්න පරාදීසේ සුරංගනාවියනේ
ගායනය: වික්ටර් රත්නායක
පද රචනය: අජන්තා රණසිංහ
සංගීතය: සරත් දසනායක


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply