මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතාකරන්න
ඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න
විරසක සුසුම්…
මහගෙයි පුරා ඇසෙන්නේ
කවුලුදොරින් ගෙට එන, නිදිනැති අටවක සඳ
තනියහනේ සරදම් රටා වියන්නේ
විස කටු ඇනී…
ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : සුනිල් දයානන්ද කෝනාර
සංගීතය : සුනිල් දයානන්ද කෝනාර


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply