වහින්නට හැකි නම් ගිගුම්දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක්වී
බතක් නොඉදෙන පැළක රහසින්
රැදෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොළඟ සිනාවක්වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙළා ගත හැකි වන මලක්වී
නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සැබෑවන සුභ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී
ගායනය: නන්දා මාලනී
පද රචනය: සුනිල් ආරියරත්න
සංගීතය: සුනිල් දයානන්ද කෝනාර


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply