T.M. Jayarathne – Dara Diri Wada

දරා දිරි වඩා පුරා දස පෙරුම්
බොහෝ ස්නේහයෙන් තනන්නේ පුතුන්
පුරා විඳි දුකින් මුදා මවුපියන්
සරා සඳ ලෙසේ දිලෙයි සොඳ පුතුන්


සඳක් නොම වුවත් වෙලා ගෙයි පහන්
ටැඹක් වී හිඳින් අපේ හද තුලින්
තුටක් කිම කියා නොදත් අය ඇතෙන්
සොඳින් සැනසියන් නුඹත් ලද දෙයින්


හඬන්නට එපා හෙලා දුක් සුසුම්
සෙමින් පිබිද එන් සඳක් සේ රැයින්
දුකින් ලද ජයයි සදාකල් උතුම්
මඩෙන්මයි ලොවේ පිපෙන්නේ නෙලුම්


ගායනය: ටී.එම්.ජයරත්න
පද රචනය: මාලනී ජයරත්න
සංගීතය: රෝහණ වීරසිංහ


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =