Gunadasa Kapuge – Man Hinda Obe

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා….


අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා


අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී
ඔබ සිරකරලන දොරඟුලු දමනු බැරී
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ
පෙමට පෙමින් යන පෙම්ලොව මෙයයි අපේ


ගායනය: ගුණදාස කපුගේ සමඟින් මාලිනී බුලත්සිංහල
පද රචනය: ලූෂන් බුලත්සිංහල
සංගීතය: ගුණදාස කපුගේ


Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + 2 =