දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා
සොඳුරියෙ නුඹයි ඒ අම්මා
අහස මෙන් ලත් චෝදනා
පොළව මෙන් දුක් උහුලනා
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා
සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා
සිතට සැනසුම් කල්පනා
ගෙනෙන පාදා වාසනා
තනා ටජ්මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ
සොඳුරියේ නුඹෙ රුව මවාගමි මහද මංදිරේ
ගායනය : ටී.එම්.ජයරත්න
පද රචනය : ශීලා ගම්වර
සංගීතය : සරත් දසනායක


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply