Somathilaka Jayamaha – Dama Yannata

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී ‍යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි


බැදී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ වුන්
ලබැදි සිත් මල් පරව යනවිට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක් මය සසර මඟ දකිනා


බැදුනු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පන නල සමඟ රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යායුතුය ඒ ‍නියත නික්මන සියළු බැමි සිදිනා


ගායනය: සෝමතිලක ජයමහ
පද රචනය: කුලරත්න ආරියවංශ
සංගීතය: රෝහණ වීරසිංහ



Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × three =