ලොවේ දුක දැක දයාබරවී
නෙතින් කඳුලක් නොහෙලුවේ නම්
ඔබේ නාමෙන්
කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළුවී මම්
දුගී දෑතට අත්වැලක් වී
දිරිය සවිබල නොපිදුවේ නම්
කුමට සත්සරරාව නංවා
හිඳිමි ගොළුවී මම්
මගේ මේ ගී ඔබේ ලය ගිනි
නිවනු වෙනුවට අවුලුවා නම්
කුමට සත්සරරාව නංවා
හිඳිමි ගොළුවී මම්
ගායනය: ගුණදාස කපුගේ
පද රචනය: පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
සංගීතය: ගුණදාස කපුගේ


Click to rate this post!
[Total: 0 Average: 0]
Leave a Reply