Somathilaka Jayamaha – Sunilwan Nuwan

සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවේ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා


මට මේක දඟ ගේකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එක සේ දරා මම්
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්


රජ දහන වැලි කතර වුව උරුමවේ නම්
මට ඈගේ පිලිසරණ මතු වාසනාවන්
මගේ ජීවනේ ගීයෙ ඇගේ හඬ නොවේනම්
හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්


ගායනය: සෝමතිලක ජයමහ
පද රචනය: සෝමතිලක ජයමහ
සංගීතය: සෝමතිලක ජයමහ



Click to rate this post!
[Total: 0 Average: 0]
Spread the Love; ආදරය බෙදා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 4 =